I'll begin today by sharing a poem written by my friend from Malawi, Eileen Piri. Eileen is only 13 years old, but when we were going through the collection of poetry that we wrote, I found her poem so interesting, so motivating. So I'll read it to you. She entitled her poem "I'll Marry When I Want." (Laughter)
අද මම පටන් ගන්නම් කවියක් ඔබත් එක්ක බෙදා ගනිමින් මගේ මලාවි ජාතික මිතුරිය අයිලින් පිරි විසින් ලියූ අයිලීන්ට තාම වයස අවුරුදු දහතුනයි. ඒත් අපි ලියපු කවි එකතුව බලන විට ඇගේ මේ කවිය ගොඩක් ආකර්ෂණීයයි, හිතට දිරි දෙනවා ඉතිං මම කවිය කියවන්නම් ඈ කවිය නම් කර තියෙන්නේ, "මට ඕන දවසකයි මම බඳින්නේ" කියලයි (සිනා)
"I'll marry when I want. My mother can't force me to marry. My father cannot force me to marry. My uncle, my aunt, my brother or sister, cannot force me to marry. No one in the world can force me to marry. I'll marry when I want. Even if you beat me, even if you chase me away, even if you do anything bad to me, I'll marry when I want.
මට ඕන දවසකයි මම බඳින්නේ අම්මට බෑ මට බල කරන්න මගේ තාත්තටත් බැහැ මගේ මාමා, නැන්දා මගේ අයියා, අක්කා කාටවත් ම බැහැ මට බඳින්න බලකරන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට බැහැ මට බඳින්න බල කරන්න මම බඳින්නෙ මට ඕනෑ දවසක මට කෙතරම් තැළුවත් මා පළවා හැරියත් මොන නපුරක් මට කළත්, මට ඕනෑ දවසටයි මම බඳින්නේ,
I'll marry when I want, but not before I am well educated, and not before I am all grown up.
මට ඕනෑ දවසටයි මම බඳින්නේ, මම උගත් ගැහැණියක් වෙන්න කළින් නම් නොවේමැයි වැඩිවියට පැමිණෙන්න කළින් නම් නොවේමැයි
I'll marry when I want."
මට ඕනෑ දවසකයි මම බඳින්නේ
This poem might seem odd, written by a 13-year-old girl, but where I and Eileen come from, this poem, which I have just read to you, is a warrior's cry.
අවුරුදු දහතුනක දැරියක් මේ වගේ කවියක් ලියපු එකේ අමුත්තක් දැනෙන්න පුළුවන් ඒත් අයිලීන්ගෙයි මගෙයි රටේ නම්, මේ කවිය, මම දැන් ඔබට කියවපු කවිය සටන්කාරියකගේ ආයාචනයක්
I am from Malawi. Malawi is one of the poorest countries, very poor, where gender equality is questionable.
මගේ රට මලාවි මලාවි කියන්නේ ලෝකේ දුප්පත් ම රටක් ගොඩාක් දුප්පත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉතාම ගැටලුකාරීයි
Growing up in that country, I couldn't make my own choices in life. I couldn't even explore personal opportunities in life.
ඒ රටේ හැදී වැඩෙනවා කියන එකේ තේරුම තමයි, මගේ ජීවිතේ මට ඕනෑ තීරණ ගන්න නොහැකි වීම මට අවස්ථාවක් නොමැති වීම ජීවිතේ පුද්ගලික අවශ්‍යතා සොයා බලන්නවත්
I will tell you a story of two different girls, two beautiful girls. These girls grew up under the same roof. They were eating the same food. Sometimes, they would share clothes, and even shoes. But their lives ended up differently, in two different paths. The other girl is my little sister. My little sister was only 11 years old when she got pregnant. It's a hurtful thing. Not only did it hurt her, even me. I was going through a hard time as well.
මම ඔබට කතාවක් කියන්නම් ගෑණු ළමයි දෙන්නෙක් ගැන හරිම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් ගැන මේ ගෑණු ළමයි දෙන්නා එකම වහලක් යට හැදී වැඩුණා. ඒගොල්ලො කෑවෙ එකම කෑම සමහර විට එකම ඇඳුම් මාරු කරගෙන ඇන්දා සමහර විට එකම සපත්තු දැම්මා. ඒත් ඒගොල්ලන්ගෙ ජීවිත අවසන් උනේ වෙනස් විදියට වෙනස් මාර්ග දෙකකින් අනෙක් ගෑණු ළමයා තමයි මගේ පුංචි නංගි මගේ පුංචි නංගිට වයස අවුරුදු එකොළහක් විතරයි එයාට දරුවෙක් ලැබෙන්න එනකොට ඒක හරිම වේදනාකාරී දෙයක් ඒක එයාට විතරක් නෙමෙයි, මටත් වේදනාකාරීයි මමත් ගත ක ෙළ් දුෂ්කර කාල සීමාවක්
As it is in my culture, once you reach puberty stage, you are supposed to go to initiation camps. In these initiation camps, you are taught how to sexually please a man. There is this special day, which they call "Very Special Day" where a man who is hired by the community comes to the camp and sleeps with the little girls. Imagine the trauma that these young girls go through every day. Most girls end up pregnant. They even contract HIV and AIDS and other sexually transmitted diseases.
මගේ සංස්කෘතියේ විදියට ගෑණු ළමයෙක් වැඩිවිය පැමිෙණන වයසට ආවම, එයා ආරම්භක කඳවුරකට යන්න ඕනෑ මේ කඳවුරුවල දී පිරිමියෙක්ව ලිංගිකව සතුටු කරන්නේ කොහොමද කියලා උගන්නනවා. සුවිෙශ්ෂ දිනයක් දිනයක් තියෙනවා සුවිෙශ්ෂ දිනයක් කියලා කියන මේ දවසෙ දී ගමේ අය එකතු වෙලා පිරිමි කෙනෙක් කුළියට ගන්නවා එයා කඳවුරට ඇවිත් මේ පුංචි ගෑණු ළමයි එක්ක යහන්ගත වෙනවා මේ දැරියෝ කොතරම් කම්පනයට පත්වෙනවද කියලා හිතලා බලන්න දවසින් දවස ගොඩක් ගෑණු ළමයි ගර්භණී වෙනවා ඒගොල්ලන්ට HIV, ඒඩ්ස් වෙනත් ලිංගිකව බෝවන රෝග පවා හැදෙනවා.
For my little sister, she ended up being pregnant. Today, she's only 16 years old and she has three children. Her first marriage did not survive, nor did her second marriage.
මගේ පුංචි නංගි ගර්භණී වුනා. තාම එයාට වයස අවුරුදු දාසයයි. එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එයාගෙ පළවෙනි කසාදෙ පැවතු නේ නෑ දෙවැනි එකත් එහෙමයි
On the other side, there is this girl. She's amazing. (Laughter) (Applause) I call her amazing because she is. She's very fabulous. That girl is me. (Laughter) When I was 13 years old, I was told, you are grown up, you have now reached of age, you're supposed to go to the initiation camp. I was like, "What? I'm not going to go to the initiation camps." You know what the women said to me? "You are a stupid girl. Stubborn. You do not respect the traditions of our society, of our community."
එතකොට අනෙක් ගෑණු ළමයා දිහා බැලුවම, එයා නම් පුදුමාකාරයි. (සිනා) (අත්පොළසන්) මම එයාට පුදුමාකාරයි කියන්නේ එයා ඇත්තෙන් ම එහෙම නිසා එයා හරි අපූරුයි ඒ ගෑණු ළමයා තමයි මම (සිනා) මට වයස අවුරුදු 13ක් වෙනකොට මට කිිව්වා දැන් ඔයා ලොකුයි නියම වයසට පැමිණිලා ඉන්නේ ඔයා දැන් ආරම්භක කඳවුරට යන්න ඕනෑ කියලා ඒක මොන විකාරයක් ද කියලා මට හිතුණා. මම යන්නෙ නෑ අරම්භක කඳවුරට ඔබ දන්නවද වැඩිහිටි ගැහැණූ අය මට මොනවද කිව්වෙ කියලා උඹ මහ මෝඩ කෙල්ලක්, හරි හිතුවක්කාරයි උඹ අපේ සිරිත්විරිත්වලට සංස්කෘතියට ගරු කරන්නේ නෑ
I said no because I knew where I was going. I knew what I wanted in life. I had a lot of dreams as a young girl. I wanted to get well educated, to find a decent job in the future. I was imagining myself as a lawyer, seated on that big chair. Those were the imaginations that were going through my mind every day. And I knew that one day, I would contribute something, a little something to my community. But every day after refusing, women would tell me, "Look at you, you're all grown up. Your little sister has a baby. What about you?" That was the music that I was hearing every day, and that is the music that girls hear every day when they don't do something that the community needs them to do.
මම යන්න බැහැ කිව්වේ, මම යන්නෙ මොන වගේ තැනකටද කියලා දැනගෙන හිටපු නිසා ජීවිතේ මගේ අපේක්ෂා මොනවද කියලා මම දැනගෙන හිටියා පුංචි දැරියක් විදියට මට හීන ගොඩක් තිබුණා. මට ඕනෑ උ ෙණ් හොඳට ඉගෙනගන්න අනාගතේ හොඳ රස්සාවක් හොයාගන්න. මම නීතිඥවරියක් වෙනවා කියලා මම හිතුවා අර ගාම්භීර පුටුවෙ වාඩිවෙලා ඒ වගේ අපේක්ෂාවන් තමයි හැමදාම මගෙ හිතේ තිබු ෙණ් මම දැනගෙන හිටියා කවදාහරි දවසක මම මගේ සමාජයට මොනවහරි දෙයක් පුංචි දෙයක් හරි කරනවා කියලා දවස ගානෙ ම කඳවුරට යන්න බෑ කිව්වම, වැඩිහිටි කාන්තාවෝ මට කිව්වෙ, බලපන් උඹ දිහා, දැන් උඹ ලොකුයි උ ෙඹ් නංගිට දරුවෙකුත් ඉන්නවා උඹට මොකද වෙන්නෙ? ඒ අඬවැඩියාව තමයි මට හැමදාම ඇහුනේ ඒ අඬවැඩියාව තමයි ගෑණු ළමයින්ට හැමදාම ඇහෙන්නේ සමාජයෙන් කරන්න කියන දේවල් නොකළා ම
When I compared the two stories between me and my sister, I said, "Why can't I do something? Why can't I change something that has happened for a long time in our community?"
මගේ කතාවයි නංගිගෙ කතාවයි සසඳා බලන කොට මම හිතුවා ඇයි මට මොනවා හරි කරන්න බැරි කියලා කාලයක් තිස්සෙ පැවතුණු දෙයක් වෙනස් කරන්න මට බැරි ඇයි කියලා මගේ සමාජයේ
That was when I called other girls just like my sister, who have children, who have been in class but they have forgotten how to read and write. I said, "Come on, we can remind each other how to read and write again, how to hold the pen, how to read, to hold the book." It was a great time I had with them. Nor did I just learn a little about them, but they were able to tell me their personal stories, what they were facing every day as young mothers. That was when I was like, 'Why can't we take all these things that are happening to us and present them and tell our mothers, our traditional leaders, that these are the wrong things?" It was a scary thing to do, because these traditional leaders, they are already accustomed to the things that have been there for ages. A hard thing to change, but a good thing to try.
ඊට පස්සෙ තමයි මම අනෙක් ගැහැණු ළමයින්ට කතා ක ෙළ් මගේ නංගි වගේ ම දරුවෝ ඉන්න අනෙක් අයට එයාලා පාසැල් ගිහින් තියෙනවා ඒත් ලියන කියවන විදිය අමතක වෙලා. මම කිව්වා එන්න අපි එකිනෙකා ආෙයෙත් මතක් කර ගමු කියලා ලියන්නෙ කියවන්නෙ කොහොමද කියලා පෑන අල්ලන්නෙ කොහොමද, කියවන්නෙ කොහොමද?පොත අල්ලන්නෙ කොහොමද... ඒ අයත් එක්ක මම අපූරු කාලයක් ගෙව්වා. මම ඒගොල්ලො ගැන ටිකක් ඉගෙන ගත්තා විතරක් නෙමෙයි. ඒ අයගෙ පුද්ගලික කතාත් එයාලා මට කිව්වා එයාලා දිනපතා මුහුණ පාන දේවල් ගැන ලාබාල මව්වරුන් විදියට එතකොට තමයි මට හිතුනේ ඇයි අපිට බැරි මේ සිද්ධ වෙන දේවල් ඔක්කොම අපේ අම්මලාට අපේ සාම්ප්‍රදායික නායකයන්ට කියන්න කියලා මේවා වැරදි දේවල් බව ඒක හරිම අවදානම් සහගත දෙයක් මොකද මේ සාම්ප්‍රදායික නායකයෝ සිරිත් විරිත්වලට හැඩ ගැහිලා ඉන්නේ කාලයක් තිස්සේ සමාජයේ පැවති සිරිත්වලට වෙනසක් කරන එක හරිම අමාරුයි ඒත් උත්සාහ කරලා බලන එක හොඳයි.
So we tried. It was very hard, but we pushed. And I'm here to say that in my community, it was the first community after girls pushed so hard to our traditional leader, and our leader stood up for us and said no girl has to be married before the age of 18. (Applause)
ඉතිං අපි උත්සාහ කළා ඒක හරිම දුෂ්කරයි. ඒත් අපි පුළුවන් තරම් වෑයම් කළා මම අද කියන්න කැමතියි, මගේ සමාජය තමයි දැරියන්ගේ උත්සාහය නිසා වෙනස් වුණු පළමු ප්‍රජාව දැරියන් සාම්ප්‍රදායික නායකයන්ට කළ බලපෑම් නිසා නායකයින් අපි වෙනුවෙන් නැගී සිටියා ඒඅය කිව්වා කිසිම දැරියක් කසාද බඳින්න ඕනෑ නෑ අවුරුදු 18ට කළින් කියලා (අත්පොළසන්)
In my community, that was the first time a community, they had to call the bylaws, the first bylaw that protected girls in our community.
මගේ ප්‍රජාව තුළ තමයි පළවෙනි වතාවට, ප්‍රජාවක් තුළ අතුරුනීති පැනවීමක් අවශ්‍ය වු ෙණ් දැරියන් ආරක්ෂා කරන පළමු අතුරුනීති අපගේ ප්‍රජාව තුළ තමයි.
We did not stop there. We forged ahead. We were determined to fight for girls not just in my community, but even in other communities. When the child marriage bill was being presented in February, we were there at the Parliament house. Every day, when the members of Parliament were entering, we were telling them, "Would you please support the bill?" And we don't have much technology like here, but we have our small phones. So we said, "Why can't we get their numbers and text them?" So we did that. It was a good thing. (Applause) So when the bill passed, we texted them back, "Thank you for supporting the bill." (Laughter) And when the bill was signed by the president, making it into law, it was a plus. Now, in Malawi, 18 is the legal marriage age, from 15 to 18. (Applause)
අපි එතැනින් නැවතුනේ නෑ. අපි තවත් ඉස්සරහට ගියා. මේ ප්‍රජාවට සීමා නොවී, අනෙක් දැරියන් වෙනුවෙනුත් සටන් කරන්න අපි අදිටන් කරගත්තා. පෙබරවාරියේදී ළමා විවාහ පිළිබඳ කෙටුම්පත ඉදිරිපත් කරන්න අපි පාර්ලිමේන්තුවට ගියා. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇතුළු වෙනකොට අපි හැමදාම ඒ අයගෙන් ඇහුවා කරුණාකරලා මේ කෙටුම්පතට සහයෝගය දෙනවද කියලා අපිට මෙතැන තියෙනවා වගේ දියුණු තාක්ෂණයක් තිබුණෙ නෑ. අපිට තිබුණෙ අපේ පුංචි දුරකථන විතරයි. ඉතිං අපි කතාවුණා.. ඇයි අපි ඒ අයගෙ නොම්බර හොයාගෙන කෙටි පණිවුඩ යවන්නෙ නැත්තෙ කියලා. ඉතිං අපි ඒක කළා. ඒක හරිම ඵලදායී දෙයක්. (අත්පොළසන්) ඉතිං කෙටුම්පත සම්මත වුනාම, අපි ඒ අයට පණිවුඩ යවලා කිව්වා කෙටුම්පතට සහයෝගය දැක්වූවාට බොහෝම ස්තූතියි කියලා (සිනා) පසුව ජනාධිපතිතුමා විසින් කෙටුම්පතට අත්සන් කළා එය නීතියක් බවට පත් කරමින්. ඒක ලොකු දෙයක් දැන් මලාවිවල නීත්‍යානුකූලව විවාහ වීමේ වයස අවුරුදු 18යි.15-18 දක්වා (අත්පොළසන්)
It's a good thing to know that the bill passed, but let me tell you this: There are countries where 18 is the legal marriage age, but don't we hear cries of women and girls every day? Every day, girls' lives are being wasted away. This is high time for leaders to honor their commitment. In honoring this commitment, it means keeping girls' issues at heart every time. We don't have to be subjected as second, but they have to know that women, as we are in this room, we are not just women, we are not just girls, we are extraordinary. We can do more.
කෙටුම්පත සම්මත වුනා කියලා දැනගැනීම ලොකු දෙයක් ඒත් මම මේකත් කියන්න ඕනෑ විවාහවීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 18 වන රටවල් තියෙනවා. ඒත් අපිට හැමදාම කාන්තාවන්ගේ දැරියන්ගේ වැළපීම් අහන්න තියෙනවා නේද? දිනපතා ම දැරියන්ගේ ජීවිත නාස්ති වෙලා යනවා නායකයන් සිය කැපවීම් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍යම කාලය මෙයයි. මෙම කැපවීම් වෙනුවෙන් පෙනී සිටිම මගින් දැරියන් මුහුණුපාන ගැටලු ගැන අවධානයෙන් සිටින බව අදහස් වෙනවා. අනෙක් කාරණය අපිට තවදුරටත් ගැටලුවලට මුහුණ පෑමට සිදුවන්නේ නෑ ඒත් ඔවුන් දැනගන්න ඕනෑ කාන්තාවන් මේ සභාවේ ඉන්න අපි වගේ අය අපි නිකම්ම නිකං කාන්තාවන් නෙමෙයි නිකංම නිකං දැරියන් නෙමෙයි. අපි ඉතා ම සුවි ෙශ්ෂයි. අපිට මීට වැඩි දෙයක් වුනත් කරන්න පුළුවන්
And another thing for Malawi, and not just Malawi but other countries: The laws which are there, you know how a law is not a law until it is enforced? The law which has just recently passed and the laws that in other countries have been there, they need to be publicized at the local level, at the community level, where girls' issues are very striking. Girls face issues, difficult issues, at the community level every day. So if these young girls know that there are laws that protect them, they will be able to stand up and defend themselves because they will know that there is a law that protects them.
මලාවි වෙනුවෙන් තවත් දේ කරන්න පුළුවන්. මලාවි වෙනුවෙන් විතරක් නෙමෙයි අනෙක් රටවල් වෙනුවෙනුත් දැනට පවතින නීති සම්බන්ධයෙන් නීතියක් ක්‍රියාත්මක නොවන තුරු එය නීතියක් නොවන බව ඔබ දන්නවා මෑතක දී සම්මත වූ නීතිය ඒ වගේ ම අනෙක් රටවල පැවතුණු නීති ඒවා ප්‍රාදේශීය වශයෙන් ප්‍රජා මට්ටමින් ප්‍රසිද්ධ වීම අවශ්‍යයයි. මේ මට්ටම්වල දී තමයි දැරියන් මුහුණපාන ගැටලු වඩාත් දරුණු ප්‍රජා මට්ටමින් දිනපතාම දැරියන් ගැටලුවලට මුහුණපානවා ඉතා අසීරු ගැටලු ඉතිං මේ කුඩා දැරියන් දන්නවා නම් ඔවුන්ව ආරක්ෂා කරන්න නීති ඇති බව ඔවුන්ට නැගී සිටින්න පුළුවන් මොකද ඔවුන් දන්නවා ඔවුන්ව ආරක්ෂා කරන්න නීති පවතින බව
And another thing I would say is that girls' voices and women's voices are beautiful, they are there, but we cannot do this alone. Male advocates, they have to jump in, to step in and work together. It's a collective work. What we need is what girls elsewhere need: good education, and above all, not to marry whilst 11.
මම කියන්න ඕනෑ තවත් දෙයක් තමයි දැරියන්ගේ හා කාන්තාවන්ගේ හඬ හරිම ලස්සනයි, ඔවුන් සිටිනවා එ්ත් අපිට මේක තනිවම කරන්න බැහැ පිරිමි අයත් මේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි. එකට එක්වී කටයුතු කළ යුතුයි. මේක සාමූහික ප්රයත්නයක් අපට අවශ්‍ය, ලොව පුරා සියලු දැරියන්ට අවශ්‍ය දේවල්මයි. හොඳ අධ්‍යාපනයක්, ඒ සියල්ලට වැඩියෙන් අවුරුදු11දී කසාද නොබඳින්න
And furthermore, I know that together, we can transform the legal, the cultural and political framework that denies girls of their rights. I am standing here today and declaring that we can end child marriage in a generation. This is the moment where a girl and a girl, and millions of girls worldwide, will be able to say, "I will marry when I want."
තවදුරටත් කියන්න ඕනෑ එකට එක්වෙලා අපිට පුළුවන් නෛතික, සංස්කෘතික හා දේශපාලනික රාමු වෙනස් කරන්න. දැරියන්ගේ අයිතිවාසිකම්වලට තහංචි පනවන, අද මම මෙතැන සිට ප්‍රකාශකරනවා අපිට එක් පරම්පරාවකින් ළමා විවාහ අවසන් කරන්න පුළුවන් මේ අවස්ථාවේ දී ඕනෑම දැරියකට, ලොව පුරා මිලියන ගාණක්වන ඕනෑම දැරියකට කියන්න පුළුවන් වේවි මට ඕනෑ දවසකයි මම බඳින්නේ කියලා
(Applause)
(අත්පොළසන්)
Thank you. (Applause)
ස්තුතියි (අත්පොළසන්)